Posts

වාදපථ ඉක්ම වූ මහා දාර්ශනිකයාණෝ

වි සි එක් වන සියවස ලංකාව නමැති කුඩා දූපතෙහි වෙසෙන අපට වාද විවාදවල රඟ අමුතුවෙන් කියා දිය යුතු නැත. මාධ්‍ය ඔස්සේ සංවාද නමින් කෙරෙන විවිධ විසංවාද නිසා වාද කරන්නන්ගේ හිස්, හිස් බවම කියා පායි. මෙහි ඉතිහාසය බුදුන් වහන්සේගේ කාලයටත් එහාට දිව යන බැවින් කරුණු දන්නවුන්ට මෙහි අරුමයක් ද නැත. මුල් බුදුසමයට අයත් සූත්‍ර දේශනාවල වාද විවාදවල ස්වරූපය පැහැදිලි කරන තැන්වල නිතරම යෙදෙන පද හතරක් ඇත. ඉන් පළමු වැන්න ‘භණ්ඩනජාතා’ යන්නයි. කෝලාහල කිරීමට පෙර එකිනෙකාගේ වැරැදි කියමින් දොස් පැවරීම නින්දා කිරීම මෙයින් අදහස් වේ. දෙවැන්න ‘කලහජාතා’ නමින් දක්වා ඇත. කෑකෝ ගසමින් දඬුමුගුරු පෙන්වමින් කෝලාහල කිරීම ඉන් අදහස් වේ. මෙය ද අපට නුහුරු දසුනක් නොවන හෙයින් විස්තර කළ යුතු නැත. තෙවැන්න තමන් පවසන දේ අසත්‍ය බව දැන දැනත් අනෙකාගේ මතය සාවද්‍ය බව දැක්වීමට හැම වචනයකටම ප්‍රතිවාදියා විසින් විරුද්ධ අදහස් ගෙනහැර පෑමයි. එය ‘විවාදාපන්නා’ යන පදයෙන් විස්තර කොට ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මුඛය නමැති කොපුවෙහි බහා ඇති වචන නමැති අවිය අමෝරා පහරදීම ‘මුඛසත්තිහි චිතුදන්තා’ යන සිවුවන පදයෙන් කියැවේ. මේ නිසා බුද්ධ දේශනාවට අනුව වාද කිරීමෙන් සිදුවන